FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නඩු ඉක්මනට අහන්න මහේස්ත්‍රාත් අධිකරණවලට දිස්ත්‍රික් අධිකරණ බලතල දුන්නා..- මාලිමා මන්ත්‍රී

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දෙරණ රූපවාහිනී නාලිකාවේ 'වාද පිටිය' වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. ඒ අනුව, දැනට ක්‍රියාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මහේස්ත්‍රාත් අධිකරණ වෙත මෙම නව බලතල පවරා ඇති බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම දෙයියන්දර, අගුණකොළපැලැස්ස, බිබිල, ගල්ගමුව, හෙට්ටිපොළ, ආණමඩුව සහ තඹුත්තේගම යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත මෙලෙස දිස්ත්‍රික් අධිකරණ බලතල පවරා ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. මෙහිදී මාධ්‍යවේදී නීතීඥ සංඛ අමරජිත් මහතා විසින් මහේස්ත්‍රාත් අධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණ බලතල මෙලෙස ඒකාබද්ධ කිරීමේ නීතිමය ස්වභාවය පිළිබඳව විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල සිවිල් අභියාචනාධිකරණ ලෙස තාවකාලිකව මෙම ස්ථාපිත කිරීම් සිදු කර ඇති බවයි.

Google AdSense

In-Article Ad