
කොළඹට වතුර කපයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අඹතලේ - දෙහිවල ජල සම්ප්‍රේෂණ නළයේ බත්තරමුල්ල, දියත උයන ආසන්නයේ (පොල්දූව පාලම අසල) සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පවසයි. ඒ අනුව, නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරලවැල්ල, එගොඩඋයන සහ කවුඩුකුරුන්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලට ද මෙම ජල කප්පාදුව බලපාන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජල සම්පාදන මණ්ඩලය, පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙස ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

