FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මොරවක්කෝරළේ මාලිමා පාලනය පෙරලේ... සියළු අසුන් විපක්‍ෂය දිනයි... මාලිමාවට කිසිවක් නෑ!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සී/ස මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තේරීම වෙනුවෙන් පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වාර්‍තා කර තිබේ. පසුගිය 06 වනදා පැවති මෙම නිලවරණයේදී සියලුම තනතුරු විපක්ෂ කණ්ඩායම විසින් හිමිකර ගනිද්දී, වසර තුනක් පුරා එහි බලය හොබවනු ලැබූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි. අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු 09 ම හිමිකර ගනිමින් ලැබූ මෙම ජයග්‍රහණයෙන් පසු, සමිතියේ නව සභාපතිවරයා ලෙස රංජිත් ගුණසේකර මහතා තේරී පත් විය. ඔහු මීට පෙර වසර 22ක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, වසර 09ක් උප සභාපතිවරයා ලෙසත් සේවය කර ඇති නිලධාරියෙකි. මෙම මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු පාර්‍ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේ, මෙය වත්මන් පාලනයේ පසුබෑම සනිටුහන් කරන "පළමු වෙඩි මුරය" බවයි. 2023 සැප්තැම්බර් මාසයේදී මෙම සමිතියේ බලය ලබා ගැනීම මාලිමා කණ්ඩායම සිය රාජ්‍ය පාලන ගමනේ ආරම්භක ජයග්‍රහණය ලෙස හුවා දැක්වූ බවත්, දැන් එම ස්ථානයෙන්ම ඔවුන්ගේ පරාජය ආරම්භ වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශපාලනීකරණය වී තිබූ සමුපකාර සමිතිය යළි ජනතාව සතු කර ගැනීමට මෙමගින් හැකි වූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Google AdSense

In-Article Ad