
කොලඹ හතේ ඉඩමකට හොර ඔප්පු හදලා.. ඩිලන්ත මාලගමුවට එරෙහි විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඩිලන්ත මාලගමුවට අමතරව ශාන්ත විතාන ගමගේ, දේවමුණි අමරසිංහ සහ සමන් ජයවීර යන පුද්ගලයන්ට මෙලෙස විදෙස් ගමන් තහනම් ඉල්ලා තිබින. අදාළ ඉඩම ව්‍යාජ ලෙස පවරාගෙන විකිණීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ හරහා ලැබුණු මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්‍ශන ක්‍රියාත්මක වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරුවන් විමර්‍ශන මගහැර විදේශගත වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ ගමන් බලපත්‍ර තහනම් කරන ලෙස පොලිසිය මෙහිදී ඉල්ලා සිටියේය. මෙම මූල්‍ය වංචාවට අදාළව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්‍ශනයක් අඛණ්ඩව සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පළමුව අදාළ පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස දැන්වීය.
Google AdSense
In-Article Ad

