
අපි හිතුව තරං විදේශ ආයෝජන ආවෙ නෑ..- හදුන්නෙත්ති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
"දෙරණ 360" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 2025 වසරේදී මෙරටට ලැබී ඇති ඩොලර් බිලියනයකට අධික විදේශ ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් නව ආයෝජන නොව දැනට පවතින ව්‍යාපාරවල ‘ප්‍රතිආයෝජන’ බවට ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ඔහු මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළේය. "අපේ ආණ්ඩුවක් ආවොත් තියෙන ආයෝජනත් අරන් යයි කියලා විපක්ෂය විශාල මතයක් හැදුවා. බදු ගහයි, සෝවියට් දේශය වගේ වෙයි, උතුරු කොරියාව වගේ වෙයි කියලා බය කළා. එවැනි පසුබිමක, අලුතින් ආයෝජකයන් එනවා තබා ඉන්න අයවත් ඉඳියි කියලා කවුරුත් හිතුවේ නෑ. ඒ නිසා මේ ලැබුණු ප්‍රමාණයත් අපේ පැත්තෙන් ලොකු ජයග්‍රහණයක්," යැයි අමාත්‍යවරයා පැවසීය. ආයෝජකයන් සඳහා ‘එක්කවුළු මධ්‍යස්ථානයක්’ පිහිටුවීම සහ කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. වසර දෙකක කාලයක් ගතවී ඇතත් එම පද්ධති තවමත් පූර්‍ණ ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් එවැනි පද්ධතියක් සැකසීම ප්‍රායෝගිකව සංකීර්‍ණ කටයුත්තක් බවයි. කෙසේ වෙතත්, දැනටමත් ඇඟලුම් සහ තේ වැනි ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ආයතනගත මට්ටමින් නව මාදිලියන් හඳුන්වා දී ඇති බවත්, ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්‍යාලය සමඟ එක්ව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

