
නිවැරදි ක්‍රමයට මට ජනපති සමාව දෙන්න ජනපති අනුරට පුළුවන්... මා වෙනුවෙන් ජනපති සමාව මට ඉල්ලන්න - ඥාණසාර හිමි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලබා දුන් ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අතින් සිදුවූ පරිපාලනමය දෝෂ නිවැරදි කර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන් වෙනුවෙන් යළිත් ජනාධිපති සමාව අයැද සිටින ලෙස බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කළහ. උන්වහන්සේ විසින් රචිත '9.5 විකෘතිය' කෘතිය කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.Local News උන්වහන්සේ ට හිමිව තිබූ ජනාධිපති සමාව බලරහිත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන පසුබිමක මෙම උත්සවය පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියන් සඳහන් කළේ, බුද්ධ නියමයට අනුවත් රටේ විනයට අනුවත් තමන් නීතියට හිස නමන බවයි. කෙසේ වෙතත්, අදාළ ජනාධිපති සමාව ලබා දීමේදී ක්‍රමවේදයේ වරදක් සිදුව ඇත්නම් එහි වගකීම නිලධාරීන් සතු වන බවත්, ඒ වෙනුවෙන් තමන්ගෙන් පළිගැනීම අසාධාරණ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. "හිටපු ජනාධිපතිවරයාගෙන් හෝ නිලධාරීන්ගෙන් වරදක් වුණා නම්, වත්මන් ජනාධිපතිතුමාට පුළුවන් ඒ දේ නිවැරදි කරන්න. ඒ නිසා නිවැරදි ක්‍රමවේදයට අනුව මට ජනපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාට පවසන්නැයි මා අපේ අනුනායක හාමුදුරුවන්ගෙන් වැඳ නමස්කාර පූර්‍වකව ඉල්ලා සිටිනවා" යැයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසූහ. තමන් නැවත බන්ධනාගාරගත වීමට බිය නොවන නමුත්, මෙවැනි ක්‍රියාමාර්‍ග හේතුවෙන් ඉදිරියේදී රට සහ ශාසනය වෙනුවෙන් පෙනී සිටින තරුණ භික්ෂූන් වහන්සේලා දැඩි අධෛර්‍යමත්භාවයකට පත්වනු ඇතැයි උන්වහන්සේ කනගාටුව පළ කළහ. එමෙන්ම, වයස අවුරුදු 87ක් වන තම මව ඉදිරියේ තමන් වෙනුවෙන් "ජීව පාංශුකූලයක්" ලබා දෙන මට්ටමට පවා තමන්ට සිතෙන්නේ මේ වන විට පත්ව ඇති අවිනිශ්චිත තත්ත්වය නිසා බවද උන්වහන්සේ සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්‍ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්‍ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, අස්ගිරි පාර්‍ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
Google AdSense
In-Article Ad

