FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සජිත් සෞදි හිරේ ඉන්න අනෝජන්ට අමතයි.. ත්තවය කොහොමදැයි අසයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්‍යාලයේදී මෙම හමුව පැවති අතර, එහිදී විපක්ෂ නායකවරයා සෞදි බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සමඟ සෘජුවම දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු විමසා සිටියේය. එහිදී අනෝජන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් තමන්ට වසර පහක සිරදඬුවමක් සහ රියාල් මිලියන තුනක දඩයක් නියම වූ බවත්, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තම නඩුව වෙනස් කර වැරදි ලෙස අර්‍ථකථනය කරමින් මරණ දඬුවම නියම කර ඇති බවත්‍ය. ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ෆේස්බුක් පිටුවක පළවූ සටහනකට වෙනත් අයෙකු දැමූ අදහසකට තමන් අත්වැරදීමකින් ප්‍රතිචාර දැක්වූ බවත්, තමන් සිදුකළ එම ප්‍රකාශය හමුවේ මරණ දඬුවම ලිහිල් කර යම් දඬුවමක් හෝ ලබා දී ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නේ නම්, මෙරටදී ඕනෑම දඬුවමකට යටත් වීමට තමන් සූදානම් බවත් ඔහු විපක්ෂ නායකවරයා හමුවේ බැගෑපත්ව ප්‍රකාශ කළේය. අනෝජන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අජ්වාඩ් මහතා සමඟ ද දුරකථනයෙන් සම්බන්ධ වී කරුණු සාකච්ඡා කළේය. එහිදී තානාපතිවරයා තහවුරු කර ඇත්තේ මෙම තරුණයා බේරාගැනීම වෙනුවෙන් තානාපති කාර්‍යාලය සිය උපරිම මැදිහත්වීම සිදු කරන බවයි. අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකළ විපක්ෂ නායකවරයා, අනෝජන් අතින් සිදුවූ අත්වැරැද්ද කෙරෙහි මානුෂීයව අවධානය යොමු කර ඔහුට පූර්‍ණ නිදහස හෝ සහනයක් ලබාදෙන ලෙස සෞදි අරාබියේ ගරුතර රජතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව සඳහන් කළේය. තවද, මේ සම්බන්ධයෙන් කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට මැදිහත් වන බවට ද විපක්ෂ නායකවරයා අනෝජන්ගේ ඥාතීන්ට සහතික විය.

Google AdSense

In-Article Ad