FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රිමාන්ඩ් වෙනුවට ‘නිවාස අඩස්සිය’.. නව පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් අවසන් අදියරේ පවතින අතර, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි හෝ වෙනත් සුළු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයන් අතුරින් නිවාස අඩස්සිය සඳහා යොමු කරනු ලබන්නේ කවර පාර්‍ශ්වයන්ද යන්නත්, ඔවුන් එලෙස රඳවා තබන කාලසීමාවන් කවරේද යන්නත් ඇතුළු සියලු ප්‍රතිපාදන ඊට ඇතුළත් කර තිබේ. නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා භාවිත කරන තාක්ෂණික උපකරණ, ඒවා ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම අදාළ අධීක්ෂණ කටයුතු සඳහා යොදවනු ලබන නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පත් කළ තාක්ෂණික කමිටුවේ නිර්‍දේශ ඉදිරි දිනවලදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතය. වෙනත් රටවල නිවාස අඩස්සිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා නවීන තාක්ෂණික නිරීක්ෂණ මෙවලම් අධ්‍යයනය කර, ඒවා ශ්‍රී ලංකාවට කෙතරම් දුරට යෝග්‍ය වේද යන්න තීරණය කිරීම එම කමිටුවේ ප්‍රධාන වගකීමක් වී ඇත. එසේම, නිවාස අඩස්සියට පත්කෙරෙන පුද්ගලයන්ගේ දෛනික නිරීක්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන් හෝ වෙනත් ආරක්ෂක අංශයක නිලධාරීන් යොදවන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ අදාළ තාක්ෂණික කමිටුවේ නිර්‍දේශයන්ට අනුව බව වැඩිදුරටත් සඳහන් වේ.

Google AdSense

In-Article Ad