
Solar ලාභ ලබන ව්‍යාපාරයක් කරගන්න දෙන්න බෑ.. පද්ධතියේ වියදම පාරිභෝගිකයා දැරිය යුතුයි..- ඇමති
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. Net Metering සහ Net Accounting ක්‍රමවේද අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙය තනි පුද්ගලයෙකුගේ තීරණයක් නොව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් යුතුව අනුමත කරන ලද ජාතික බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක කළ පියවරක් බව පෙන්වා දුන්නේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 11 වැනිදායින් පසුව ඉදිරිපත් වන අයදුම්පත් සඳහා මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය. විදුලිය ගබඩා කිරීමේ ක්‍රමවේදයක් නොමැති තත්ත්වයක් තුළ, දිවා කාලයේදී සූර්‍ය කෝෂ මඟින් ලබාගන්නා විදුලිය වෙනුවට රාත්‍රී කාලයේදී පාරිභෝගිකයන්ට සැපයීමට සිදුවන්නේ අධික පිරිවැයක් දරා ජනනය කරන විදුලි ඒකක බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. එම අමතර පිරිවැය දැරීමට ක්‍රමවේදයක් නොමැති බැවින්, දිවා කාලයේ උත්පාදනය කරන විදුලියෙන් කොටසක් තමන්ගේ පරිභෝජනයට ගෙන ඉතිරි ප්‍රමාණය වෙනුවෙන් ගෙවීමක් ලබා ගැනීමේ ක්‍රමයක් ඉදිරියේදී සකස් කරන බවද ඔහු කියා සිටියේය. එසේම, රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියෙන් අධික පිරිවැයක් සහිත විදුලිය භාවිත කරන්නේ නම්, ඊට අදාළ නිශ්චිත මුදලක් එම පාරිභෝගිකයන් විසින් ගෙවිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, සූර්‍ය බලශක්තිය ව්‍යාපාරයක් කරගනිමින් අධික ලාභ ලැබීමට අපේක්ෂා කරන පාර්‍ශ්වයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමේ හැකියාව අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන සතුව නොමැති බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

