FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉම්‍රාන් ඛාන්ගේ සහෝදරියන් ලේලිය සහ බෑනාත් අත්අඩංගුවට – පලිගැනීමට එරෙහිව ජාත්‍යන්තර විරෝධයක්

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

පාකි­ස්තා­න හිටපු අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් සහ ඔහු‍ගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් ජාත්‍ය­න්තර ක්ෂමා සංවි­ධා­නය නිවේ­ද­න­යක් නිකුත් කර තිබෙනවා. ඉම්‍රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් සහ ඔහු‍ගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලබන 27 වනදා ඉස්ලා­මා­බාද් නු­වරදී විරෝධතා පාගමනක් ද සංවිධාන කර තිබියදීයි. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම පුද්ගල නිද­හ­ස. භාෂ­ණයේ නිද­හ­ස සහ සාම­කා­මීව රැස්වී­මට ඇති අයි­තිය බර­ප­තළ ලෙස උල්ලං­ඝ­නය කිරී­මක් බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ. එහි දකුණු ආසි­යානු කලා­පයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බාබු රාම් පාන්ට්ගේ අත්ස­නින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. පාකි­ස්තා­නය තුළ බරපතළ මර්‍දනයක් සිදුවෙමින් ඇති බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. මෙම අත්අඩංගුවට ගැනීමද එහි තවත් අවස්ථාවක් බව ඔවුන් නිකුත් කළ නිවේදනය සඳහන් වනවා. ලබන 27වනදා ඉස්ලාමාබාද් නුවරදී විරෝධතා පාගමනක් සංවිධාන කර ඇත්තේ සිරගත කර සිටින ඉම්‍රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින්. එහෙත් එම පා ගමන නවතා දමන බවට පාකිස්ථාන රජයේ ඇතැම් නිල­ධා­රින් ප්‍රසි­ද්ධි­යේම තර්‍ජ­නය කර තිබෙනවා. ඉම්‍රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමා­ජි­ක­යන් සහ ඔහු‍ගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමද මෙම තර්‍ජනයේම කොටසක් විය හැකි බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ. එය කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බව ද ඔවුන් පෙන්වා දෙනවා. පාකිස්ථාන රජය කළ යුතුව ඇත්තේ සාම­කා­මීව රැස්වී­මට සහ නීතියේ සීමාවන්ට යටත්ව පාගමන පැවැත්වීමට ඉඩ සලසා දීම බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අදහස වන්නේ. එසේ නොමැතිව විරෝධතා වැළැ­ක්වී­මට නීති­වි­රෝධීව පිය­වර ගැනී­ම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. ජාත්‍ය­න්තර මානව හිමි­කම් නීතිය යටතේ ඇති කැප­වීම් සහ වග­කීම් ද සිහිපත් කර දෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ එම කැපවීම් සහ වගකීම් ඉටුකිරීමට සෙසු සෑම රටක් මෙන්ම පාකිස්ථානය ද බැඳී සිටින බවයි. ඒ අනුව අත්අඩංගුවට ගත් ඉම්‍රාන් ඛාන්ගේ සහෝදරියන් තුන්දෙනා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ඔහු‍ගේ ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් වහාම නිදහස් කරන ලෙසද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්ථාන රජයෙන් ඉල්ලීමක් ද කරනවා. මීට අමතරව ඉම්‍රාන් ඛාන් නිද­හස් කරන ලෙසත්, එතෙක් ඔහු රඳවා සිටින සිර මැදි­රියේදී ඔහුට ප්‍රමා­ණ­වත් සෞඛ්‍ය පහ­සු­කම් සලසා දෙන ලෙසයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්ථාන රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. පවුලේ සාමා­ජි­ක­යන්ට සහ නීති­ඥ­යන්ට ඉම්‍රාන් ඛාන් හමු­වී­මට දෛනි­කව අව­ස්ථාව ලබා­දෙන ලෙසද මෙමගින් ඉල්ලීමක් කර තිබෙනවා. පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන් සිරගත කර සිටින්නේ දූෂණය සම්බ­න්ධ­යෙන් වරදකට වසර 14ක සහ රාජ්‍ය ත්‍යාග අවභාවිතය සම්බන්ධයෙන් වරදකට වසර 17ක් සඳහායි. ඒ අනුව ඔහුගේ සම්පූර්‍ණ දඬුවම් කාලය වසර 31ක් වනවා. දැනට වසර තුනක පමණ කාලයක් ඔහු රඳවනු ලැබ සිටින්නේ රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර අත්අඩංගුවට ගනු ලැබූ ඉම්‍රාන් ඛාන්ගේ සහෝදරියන් වන අලීමා, උස්මා සහ නොරින් ලාහෝර් නුවර කොට්ලක්පට් මධ්‍යම බන්ධ­නා­ගා­රයේ රඳවා ඇතැයි දැන් විදෙස් මාධ්‍ය වාර්‍තා කර තිබෙනවා. ඔවුන් එලෙස රඳවා සිටින්නේ පන්ජාබ් මහ­ජන සාමය පව­ත්වා­ගෙන යෑමේ පන­තට අනුව දින 30ක කාල­සී­මා­ව­කට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්‍තා කර ඇත්තේ. මීට අමතරව ඉම්‍රාන් ඛාන්ගේ ලේලි­යන් සහ බෑන­ණු­වන් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති ටෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියා­කා­රීන් අතර පාර්‍ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන සනා­වුල්ලා මස්ති­බෙල්, අහ්සාන් ජමාල් ඛාන් සහ මියන් ගවුස් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කර ඇත්තේ. .

Google AdSense

In-Article Ad