FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රට දියුණු කරන්න නම් ආගම අයින් කරන්න ඔ්නේ..- ගාමිණි වියන්ගොඩ

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

කෘතියක් එළිදැක්වීමේ උත්සව සභාවක් අමතමින් හෙතෙම පෙන්වා දුන්නේ, ආගම යනු තනි පුද්ගලයෙකු සතු පෞද්ගලික විශ්වාසයක් සහ අයිතිවාසිකමක් පමණක් බවයි. පුරවැසියන්ගේ එම අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වුවද, රාජ්‍යය කිසිසේත්ම ආගමක් කරමත තබාගෙන කටයුතු නොකළ යුතු බව ඔහු සඳහන් කළේය. ලෝක ඉතිහාසයේ ආගම කරමත පටවාගත් කිසිදු රාජ්‍යයක් යහපත් රාජ්‍යයක් (යහ රාජ්‍යයක්) බවට පත්ව නොමැති බවත්, රාජ්‍ය පාලනය සහ ආගම යනු එකට පෑහිය නොහැකි සංකල්ප දෙකක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය කාලය පුරා කතාබහට ලක්වූ System Change ආරම්භ කළ යුත්තේ රාජ්‍යයෙන් ආගම ඈත් කිරීමෙන් බව අවධාරණය කළ වියන්ගොඩ මහතා, ආගම සහ රාජ්‍ය පාලනය එකට පැටලුණු විට නීතිය හා යුක්ති ධර්‍මය බරපතළ ලෙස විකෘති වන බව සඳහන් කළේය. ඊට නිදසුනක් දක්වමින් ඔහු කියා සිටියේ, අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධයෙන් මතුවූ සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇප ලැබීමෙන් අනතුරුව ඊළඟ නඩු වාරය මාස හයකට පසුවට නියම වීම හරහා පවතින නීතිමය පද්ධතියේ පරස්පරතා මැනවින් පැහැදිලි වන බවයි. තවද, විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්‍ඝ කළද අධිකරණවල ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට එය පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. සහරාන් හෂීම් පිළිබඳ බුද්ධි වාර්‍තාවක් නීතිපති දෙපාර්‍තමේන්තුවේ එක් මේසයක් මත වසර එකහමාරක් තිස්සේ ගොඩගැසී තිබූ ආකාරය සිහිපත් කළ ඒ මහතා, අධිකරණ ප්‍රමාදය වැළැක්විය යුත්තේ එවැනි පරිපාලනමය දුර්‍වලතා නිවැරදි කිරීමෙන් බව ප්‍රකාශ කළේය. වත්මන් රජය පෙර පැවති පාලනයන්ට වඩා යම් සාධනීය කාර්‍යභාරයක් ඉටු කරමින් සිටින බව පිළිගත යුතු වුවද, මෙම රජයද පැරණි ක්‍රමවේදය තුළම ගමන් කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව හඬ නැඟීම සහ බලපෑම් එල්ල කිරීම සිවිල් සමාජයේ අත්හළ නොහැකි වගකීමක් බවද ගාමිණී වියන්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad