FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඇමෙරිකානු බලපෑම් ආවද ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගූරම්ලා ඇති ඉරාන නැව්වලට කරන්න යන දේ ඇමති විජිත කියයි

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බවත්, ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. මෙරට මුහුදු සීමාව ආසන්නයේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්‍තා පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්‍බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්‍ණ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා නවතා තිබෙන බවයි පැවසුවේ. ”ලෝකයේ විවිධ නැව් අපේ ගොඩබිම ආශ්‍රිතව යාත්‍රා කරමින් තියෙනවා . ලෝකයේ පිහිටීමත් එක්ක ලෝකයේ ගොඩක් රටවල් අපේ ආසන්න මුහුදු සීමාව ඔවුන්ගේ නාවික මුහුදු යාත්‍රා සඳහා පාවිච්චි කරනවා . එතකොට අපි රටක් විදිහට විවිධ අවස්ථාවලදී නාවික යාත්‍රාවලට අවශ්‍ය කරන සහයෝගය අපි ලබා දෙනවා . ඉතින් මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා අපේ රට ආශ්‍රිතව මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා . හැබැයි අපේ මුහුදු සීමාවේ නෙමෙයි, මුහුදු සැතපුම් 12 සීමාවෙන් ඔබ්බෙන් තමයි ඒ නැව් 47ම තියෙන්නේ . අපේ රටේ විතරක් නෙමෙයි, විවිධ රටවල් ආශ්‍රිතව ඒ ජාත්‍යන්තර මුහුදේ නැව් ගමනාගමනය සිද්ධ වෙනවා . හෝමූස් සමුද්‍ර සන්ධියේ මේ දවස්වල ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ගමනාගමනය ටිකක් සංකීර්‍ණ වෙලා තියෙනවා . එතෙන්දි තමයි ඔය නැව් 47න් නැව් 19ක් වගේ ප්‍රමාණයක් ඉරාන නැව් තියෙනවා . ඉතින් ඉරාන නැව් අද ඊයේ නෙමෙයි, දැන් ගොඩක් කල් ඉඳලා ඔය මුහුදු සීමාවේ තියෙනවා . ඒ නැව්වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාවේ එපා කිව්වා කියලා කතාවක් යනවා . ඇමරිකාව අපිට බලපෑම් කරා කියලා එහෙම එකක් කොහෙත්ම නෑ . කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම්දීමක් හෝ මැදිහත්වීමක් හෝ බලපෑමක් කරලත් නෑ . ඒ නිසා එහෙම එකක් නෑ . රටේ ස්ථාවරත්වය නෑ කියලා සම්පූර්‍ණ වැරදි අදහසක් , එහෙම කිසිඳු බලපෑමක් ඇතිවෙලත් නෑ, බලපෑමකට ලංකාව යටවෙන්නෙත් නෑ . අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍‍යතාවය, ඒ රටේ තියෙන ස්වෛරීත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ .” එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස ඇමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්‍තා සම්පූර්‍ණයෙන්ම අසත්‍ය බවත්, ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. ”’මානුෂීය හේතු මත අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි අවශ්‍ය කරන මැදිහත්වීම් කරනවා . තව වගකීමෙන් මේ රටේ ජනතාවට මම කියනවා, අපි අපේ රටේ ස්වෛරීත්වය සහ අපේ නොබැඳි පිළිවෙත (neutrality) ආරක්ෂා කරගනිමින් අපි රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනවා . ඇමෙරිකාව විසින් සම්බාධක පනවා තියෙනවා නම්, ඒ සම්බාධක පනවපු නැව්වලට භාණ්ඩ ප්‍රවාහනය හෝ භාණ්ඩ සැපයුම් කිරීම රජයක් විදිහට අපි කරලා නෑ . පෞද්ගලික අංශයේ යම් යම් අය ඒ විවිධ නැව්වලට භාණ්ඩ හා සේවා සැපයෙනවා නම්, ඒ අයගේ වගකීමක් තියෙනවා ඒ තියෙන තත්ත්වය තේරුම් අරගෙන වගකීමෙන් වැඩ කරන්න . අපි රජය වැඩ කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුවයි .” .

Google AdSense

In-Article Ad