FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රුසියාව යුකේ්‍රන අගනුවර පාලම් වනසයි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පාලම මතින් සාමාන්‍ය පරිදි වාහන ධාවනය වෙමින් තිබූ ආකාරයත්, පිපිරීමත් සමඟ විශාල ගිනි ජාලාවක් සහ ඝන කළු දුමාරයක් අහසට නැඟුණු අයුරුත් තහවුරු කෙරෙන වීඩියෝ දර්‍ශන ලැබී ඇති බව බීබීසී පුවත් සේවය වාර්‍තා කර සිටියි. යුක්‍රේන බලධාරීන් මෙය පාලමේ මතුපිට මංතීරුවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් ලෙස ප්‍රකාශ කළද, විවෘත මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් එක් අයෙකු රෝහල්ගත කර අනෙක් පුද්ගලයාට එම ස්ථානයේදීම ප්‍රථමාධාර ලබා දුන් බවත් කිව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ සඳහන් කළේය. එසේම, ප්‍රහාරය හේතුවෙන් නගරයේ මධ්‍යම තාපන නළ පද්ධතියකට හානි සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඩෙස්නියන්ස්කි දිස්ත්‍රික්කයේ කොටස් කිහිපයකට උණුසුම් ජල සැපයුම ඇණහිට තිබේ. තවද, බස් රථ ගමනාගමනය විකල්ප මාර්‍ග ඔස්සේ හරවා යැවීමට සිදුව ඇති අතර රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත. පසුගිය සෙනසුරාදා දින ද මෙම පාලමටම එල්ල වූ ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ට්‍රොලිබස් විදුලි මාර්‍ග බිඳ වැටුණු අතර, පසුගිය සතිය මුලදී දකුණු දිග 'පිව්ඩෙන්නි' පාලම වෙත ද රුසියානු ප්‍රහාර එල්ල විය. යුක්‍රේන හමුදා ප්‍රවාහනය සඳහා මෙම පාලම් මාර්‍ග භාවිත කරන බව පවසන රුසියානු ආරක්ෂක අංශ, කිව් ඇතුළු අනෙකුත් කලාප වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවට අනතුරු අඟවා තිබේ. මේ අතර, පසුගිය සතිය තුළ පමණක් රුසියාව යුක්‍රේනය වෙත ප්‍රහාරක ඩ්‍රෝන යානා 1,900 කට අධික සංඛ්‍යාවක්, ගුවන් බෝම්බ 1,700 ක් සහ මිසයිල 25 ක් එල්ල කර ඇති බවත්, ඉන් ඩ්‍රෝන යානා 800 කට වැඩි ප්‍රමාණයක් ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ඒවා බවත් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි අවධාරණය කළේය. ජර්‍මානු චාන්සලර් ෆ්‍රෙඩ්‍රික් මර්‍ස් මහතා යුක්‍රේනයට සිය සහයෝගය පළ කිරීමටත්, ගුවන් ආරක්ෂණ ආධාර ලබා දීමට පොරොන්දු වීමටත් කිව් අගනුවර හදිසි සංචාරයක නිරත වන පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි. රුසියාව දිගින් දිගටම මෙලෙස ප්‍රහාර එල්ල කළ ද අගනුවර ප්‍රධාන පාලම් තවමත් මුළුමනින්ම විනාශ නොවී පවතින බව වාර්‍තා වේ.

Google AdSense

In-Article Ad