
පෙරේදා විවෘත කල පේරාදෙණි දුම්‍රිය පාරේ අද පීලි පනී..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අද අලුයම 4.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, දුම්‍රිය මාර්‍ගයට පස් සහ ගල් පෙරළී තිබීම අනතුරට හේතුවී ඇත. අනතුරින් දුම්‍රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර, පස් කණ්ඩියක සහ විශාල ගලක දුම්‍රිය ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්‍රිය රියදුරුවරයා සඳහන් කළේය. 'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත්ව තිබූ උඩරට දුම්‍රිය මාර්‍ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කළ ප්‍රථම කාර්‍යාල දුම්‍රිය මෙය වීම විශේෂත්වයකි. මෙම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්‍රිය මාර්‍ගයේ දුම්‍රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් මාර්‍ගයේ සියලුම දුම්‍රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මාර්‍ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් පවතී.
Google AdSense
In-Article Ad

