
අනෝජන්ට සෞදි හිරේ දරුණු පහරදීම්... තත්වය බරපතලයිලු
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සවුදි අරාබියේ බන්ධනාගාරගතව මරණීය දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජාතිකයෙකු වන සිවරාසා අනෝජන් නමැත්තා සෙසු රැඳවියන් පිරිසකගේ අමානුෂික පහරකෑමකට ලක්ව ඇති බව වාර්‍තා වේ. අනෝජන්ගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් මානව හිමිකම් ක්‍රියාකාරිනී මරිසා ද සිල්වා X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, බන්ධනාගාරය තුළ එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ හිස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවයි. මේ පිළිබඳව මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා ද සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කරුණු අනාවරණය කර තිබේ. මෙම හදිසි පහරදීමත් සමඟ සිරගතව සිටින අනෝජන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් දැඩි කනස්සල්ලට සහ බියට පත්ව සිටිති. එබැවින්, බන්ධනාගාරය තුළ ඔහුගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද ඉල්ලා සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරිනිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Google AdSense
In-Article Ad

