FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තෙල් පෝලිමකට අශූචි ප්‍රහාරයක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙරටට ඉන්ධන බෙදාහැරීම සඳහා පැමිණි විදේශීය සමාගම් ත්‍රිත්වය විසින් මෙරටට ගෙන්වන සහ බෙදාහරින පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයන් විශාල වශයෙන් සීමා කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඒ හේතුවෙන් දිවයින පුරා යළිත් දැවැන්ත ඉන්ධන පෝලිම් නිර්‍මාණය වෙමින් පවතින බව සඳහන් කළේය. පිරවුම්හල් මඟින් ඇණවුම් කරන ඉන්ධන බවුසර් පහෙන් එකක් පමණක් ලබාදෙන තත්ත්වයට බෙදාහැරීම් කප්පාදු කර ඇති බව ද ඔහු පැවසීය. වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් ඇති කිරීම වෙනුවෙන් මෙම සමාගම් මෙරටට ගෙන්වුව ද, ඔවුන් මේ වන විට තමන්ට රිසි සේ මිල ඉහළ දැමීමට අවස්ථාව ලබා නොදුනහොත් තෙල් බෙදාහැරීම නතර කරමින් මුරණ්ඩු ප්‍රතිපත්තියක නිරත වන බවට දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය. පසුගිය කාලයේ ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියගිය අඳුරු අතීතය සිහිපත් කළ ඒ මහතා, වත්මන් ආණ්ඩුව යටතේ ද යළි එවැනිම ඛේදනීය තත්ත්වයක් කරා රට තල්ලු වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. සිපෙට්කෝ සතුව ඇත්තේ සීමිත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවක් බැවින් මෙම තත්ත්වය හමුවේ දැඩි පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, අදාළ සමාගම් සමඟ ඇති ගිවිසුම් ප්‍රකාරව වහා මැදිහත් වී මෙම බෙදාහැරීම් කටයුතු විධිමත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා පාර්‍ලිමේන්තුව හරහා යම් යෝජනාවක් හෝ නීතිමය පියවරක් ගැනීමට අවශ්‍ය නම් ඊට සහයෝගය ලබාදීමට විපක්ෂය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad