
ඩීසල් පෙට්‍රල් දෙකටම පෝලිම්.. කොළඹත් පෝලිම්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පිරිවැය ආවරණය කරගත නොහැකි තත්ත්වයක් හමුවේ ඉන්ධන සමාගම් විසින් ඩීසල් නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් , ඩීසල් බෙදාහැරීමේ හිඟයක් පසුගිය සති කිහිපයක සිටම පැවතිණි . කෙසේ වෙතත් , මේ වන විට ඊට අමතරව පෙට්‍රල් හිඟයක් ද මතුව ඇති අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්‍ගයේ පෙට්‍රල් නොමැති බවත් , ඒ වෙනුවට ඇත්තේ ඔක්ටේන් 95 වර්‍ගයේ පෙට්‍රල් පමණක් බවත් පාරිභෝගිකයෝ පෙන්වා දෙති . පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළ විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ , එළැඹෙන බ්‍රහස්පතින්දා පමණ වන විට මෙම ගැටලුව මඟහැරී යනු ඇති බවයි . වෙළඳපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්නැයි සමාගම්වලට දැනුම් දුන් බවත් ඇමතිවරයා පැවසීය . කෙසේ වෙතත් , මෙරට තෙල් වෙළෙඳාමේ නිරත සමාගම් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළ මිලට සාපේක්ෂව පිරිවැය ආවරණය නොවන අඩු මිලකට මෙරටදී ඉන්ධන අලෙවි කිරීමට නොහැකි වීම හේතුවෙන් , ඩීසල් අලෙවිය තවදුරටත් සීමා කිරීමට තමන්ට සිදුව ඇති බවයි .
Google AdSense
In-Article Ad

