
අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. ඒ අනුව, කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක ධුරය, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය සහ සමගි සේවක සංගමයේ සභාපති ධුරය ඇතුළු ඔහු දරන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිතය.
Google AdSense
In-Article Ad

