
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ (Video)
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්‍යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර තිබේ. බන්ධනාගාර වෛද්‍ය නිර්‍දේශ මත ශිරන්ති රාජපක්ෂ මහත්මියව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පැවසුවේය. මේ අතර, පසුගිය 07වැනි දින ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත් දර්‍ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.
Google AdSense
In-Article Ad

