FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඔබට මුල් පුරවැසියා වෙන්න ශක්තිය ලැබේවා.. මට නං බෑ...- සජිත්ට ලියමින් අශෝක SJBන් ඉල්ලා අස්වෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත. ඒ අනුව, සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බලප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරය, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය, සමගි සේවක සංගමයේ සභාපති ධුරය, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරය මෙන්ම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය යන සියලු වගකීම්වලින් තමන් ඉල්ලා අස්වන බව ඒ මහතා සිය ලිපිය මඟින් සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ රැඳී සිටි කාලයේ මෙන්ම සමගි ජන බලවේගයේ ආරම්භයේ පටන්ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුට පළ කරන බවත්, ඒ වෙනුවෙන් ලබාදුන් සහයෝගය සහ අවස්ථාවන් අගය කරමින් ස්තූතිය පුද කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එම ලිපියෙහි දක්වා ඇත. එමෙන්ම, සමගි ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන්මග සාර්‍ථක වේවායි ප්‍රාර්‍ථනා කර ඇති ඔහු, මාතෘ භූමියේ පළමු පුරවැසියා බවට පත්වීමට සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිය හා ධෛර්‍යය ලැබේවායි ද සිය ලිපිය මඟින් වැඩිදුරටත් ප්‍රාර්‍ථනා කර තිබේ.

Google AdSense

In-Article Ad