FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තරග පරදින්නේ දක්‍ෂ ක්‍රිඩකයන් හදල නැති නිසා.. ආණ්ඩුව ආ ගමන් දක්‍ෂ ක්‍රීඩකයන් හදන්න බෑ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුවක් පත්වූ සැනින් මාසයකින් දෙකකින් දක්ෂ ක්‍රීඩකයන් නිර්‍මාණය කළ නොහැකි බවත්, පසුගිය දශකයකට අධික කාලය පුරා රටේ පැවති පොදු කඩාවැටීම ක්‍රීඩා ක්ෂේත්‍රයටද දැඩිව බලපා ඇති බවත්‍ය. ඒ අනුව යටිතල පහසුකම් සංවර්‍ධනය කරමින් බිම් මට්ටමේ සිට ක්‍රීඩකයන් පුහුණු කිරීමේ ක්‍රියාවලිය රජය මේ වන විට ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා යම් කාලයක් ඉවසා සිටීමට සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පසුබෑම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ක්‍රිකට් පරිවර්‍තන කමිටුවේ නිර්‍දේශයන්ට අනුව නව පනතක් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. එමඟින් පවතින පරිපාලනය වෙනස් කර, නව පාලක මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තරගකාරීත්වයක් සහිත තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය. මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙල සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කටයුතු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට අවස්ථාව අහිමි වීම මලල ක්‍රීඩා සංගමය තුළ පැවති අභ්‍යන්තර ගැටලුවක් බව පෙන්වා දුන් ඒ මහතා, එම සංගමය දිගින් දිගටම රටේ ක්‍රීඩාවේ උන්නතියට දායක නොවන මට්ටමක පසුවන බව අවධාරණය කළේය. එමෙන්ම ඔවුන් විසින්ම නිර්‍මාණය කරගත් අර්‍බුද හේතුවෙන් තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී මලල ක්‍රීඩා සංගමය සම්බන්ධයෙන්ද තීරණාත්මක පියවරක් ගැනීමට රජය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad