
ඥාණසාර හිමි බන්ධනාගාරයේ ඝාතන සැලැස්මක්..- පාතේගම ඤාණිස්සර හිමි
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
උන්වහන්සේ සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන් හරහා මෙම බරපතළ කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවයි. බන්ධනාගාරය තුළ ගැටුමක් නිර්‍මාණය කර, ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන තමන්ටම වෙඩි තබාගත් බව ඇඟවෙන ආකාරයේ ව්‍යාජ කතාවක් සමාජගත කිරීම ආණ්ඩුවේ පාර්‍ශ්වයන්ගේ අපේක්ෂාව වී තිබූ බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ලංකා ඉතිහාසයේ මීට පෙර අවස්ථාවලදී ද භික්ෂූන් වහන්සේලා බරපතළ වැඩ සහිතව සිරදඬුවම් විඳ ඇති නමුත්, කිසිදු පාලකයකු උන්වහන්සේලාගේ සිවුර ගැලවීමට කටයුතු නොකළ බව පෙන්වා දුන් මහාචාර්‍ය හිමියෝ, ඥානසාර හිමියන් මීට පෙර අවස්ථාවේ සිරගත වූ විට ද එවැනි දෙයක් සිදු නොවූ බව සිහිපත් කළහ. උන්වහන්සේ පෙන්වා දුන්නේ, අතීතයේ සිරගත කෙරුණු හේන්පිටගෙදර ඥානසීහ හිමියන් බන්ධනාගාරය තුළ සිවුරු පිටින්ම වැඩ වෙසෙමින් ග්‍රන්ථ 18 ක් රචනා කළ බවත්, උන්වහන්සේ රචිත 'ගාමිණී චරිතං' පාලි පද්‍ය කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය පවා හිමි වූ බවත්‍ය. එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයකු මෙන්ම නිදහස් සටනේ පුරෝගාමියකු වූ උඩකැන්දවල සරණංකර හිමියන් මැගසින් බන්ධනාගාරයේ ගත කළ අරගලකාරී ජීවිතය උන්වහන්සේගේ 'සටනක සටහන්' කෘතිය මඟින් මනාව පැහැදිලි වන බව ද සඳහන් කළහ. එවන් ඓතිහාසික පසුබිමක් පවතිද්දී, ඉතිහාසය නිසි ලෙස හදාරන්නේ නැතිව පක්ෂ කාර්‍යාලවලින් ලියා දෙන පිටපත් කියවන මෙවැනි බොළඳ, කපටි සහ ව්‍යාජ පාලකයකු මෙරට ජනාධිපති ධුරයට පත්වීම කනගාටුදායක බව පැවසූ උන්වහන්සේ, මෙවැනි විනාශකාරී ක්‍රියා වහා නතර කළ යුතු බව ද අවධාරණය කළහ.
Google AdSense
In-Article Ad

