
යෝෂිත මිලියන ගණනක නාවික හමුදා වැටුපක් ගත් හැටි හෙළිවෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. එම නඩුව විභාගයට ගත් අවස්තාවේදි යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාලයේ ලබාගත් වැටුප ගැන නාවික නිලධාරියෙකු සාක්ෂි ලබාදුන්නේය. ඒ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී ඇත. ඊට දීමනා ඇතුළත් නොවන බවද එම සාක්ෂිකරු සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

