FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාසලක වහලයක් කඩා වැටී සිසුන් 30ක් මිය යයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අනතුර සිදුවූ ස්ථානයට ළඟාවූ හදිසි මුදාගැනීමේ කණ්ඩායම්, ගොඩනැඟිලි සුන්බුන් අතර සිරවී සිටි ළමුන් 47 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි. එලෙස රෝහල්ගත කළ පිරිස අතුරින් ගුරුවරයා ඇතුළු 30 දෙනෙකු මියගොස් ඇති බව එම සහන සේවා ආයතනය තහවුරු කර ඇත. අනතුරට ලක්වූ 'අල්-ඛයිර් අධ්‍යාපන මධ්‍යස්ථානයේ' සුන්බුන්වලින් සියයට 95ක් පමණ මේ වන විට ඉවත් කර ඇති අතර, සහන මෙහෙයුම් බොහෝදුරට අවසන් අදියරේ පසුවේ. කෙසේ වෙතත්, තවදුරටත් කිසියම් හෝ දරුවකු සුන්බුන් යට සිරවී සිටීදැයි තහවුරු කරගැනීම සඳහා විශේෂ සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුකෙරේ. පකිස්තානය තුළ පවතින ලිහිල් ගොඩනැඟිලි ආරක්ෂක රෙගුලාසි සහ ප්‍රමිතියෙන් තොර බාල ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මෙවැනි ගොඩනැඟිලි කඩාවැටීම් නිරන්තරයෙන් වාර්‍තා වේ. මීට පෙර පසුගිය ජුනි මාසයේදීද ලාහෝර් නුවර කාහ්නා ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක වහලක් කඩා වැටීමෙන් කුඩා ළමුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදවාචකයක් වාර්‍තා විය.

Google AdSense

In-Article Ad