
මුස්ලිම් සෞඛ්ය සේවිකාවන්ට ආගමික ඇඳුම් ඇඳීමට ඉඩ දෙන්නැයි නිර්දේශ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
කල්මුණේ උතුර, මූලික රෝහලේ හෙද නිලධාරීන් හයදෙනකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳව සිදුකළ මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයකින් පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කළ බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. එහිදී මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්ය සේවිකාවන් හයදෙනා තමන්ට නියමිත නිල ඇඳුමට අමතරව හිස් ආවරණ (හිජාබ්) මුහුණ පෙනෙනසේ ඇඳීම, දිගු අත් සහිත ඇඳුම් සහ කලිසම ඇඳීම රෝහල් බලධාරීන් විසින් වළක්වා ඇති බවට ඔවුන් විසින් පැමිණිලි කර ඇත. කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයේදී එම කලාපයේ පිහිටි අනෙකුත් රජයේ රෝහල්වල මෙවැනි ආගමික ඇඳුම් සඳහා ඉඩ ලබාදී තිබෙන බවත් එමගින් ඇඳුම් පාලන නීති එකිනෙකට පරස්පර ලෙස ක්රියාත්මක කිරීම පිළිබඳ ගැටලු මතුවන බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත. කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්රියාත්මක කිරීම පිළිබඳව වාර්තාවක් 2026 නොවැම්බර් 11 වැනිදාට පෙර ලබාදෙන ලෙසද කොමිෂන් සභාව රාජ්ය පරිපාලන අමාත්යාංශයට නියම කළේය.
Google AdSense
In-Article Ad

