
විජේට ලොකු විපතක්.. ලංකාවට කුඩු ගෙනෙද්දී පක්ෂයේ ලොක්කෙක් අත්අඩංගුවට..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මෙම සිදුවීම මුල් කරගනිමින් තමිල්නාඩු දේශපාලන කරළිය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 135කට ආසන්න වන අතර, එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි සිය ගණනක් වන බව විපක්ෂ නායක උදයනිධි ස්ටාලින් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් චෝදනා කර ඇත. මෙම මත්ද්රව්ය තොගය මුහුදු මාර්ගයෙන් ශ්රී ලංකාවට ප්රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එකක් බව ද ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව සඳහන් වේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාගපට්නම් ප්රදේශයේ TVK පක්ෂයේ ක්රියාකාරිකයෙකු වන බූබාලන් නැමැත්තෙකි. ඔහු ප්රධාන අමාත්යවරයා මෙන්ම TVK පක්ෂයේ නායක සුපිරි නළු සී. ජෝසෆ් විජේ සමඟ ඉතා සමීපව සිටින ඡායාරූප මේ වන විට සමාජ මාධ්ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී. විජේගේ මැතිවරණ ව්යාපාරයේ ප්රධාන තේමාව වූ "මත්ද්රව්ය අත්හැර ක්රීඩාව වැළඳගන්න" යන සටන් පාඨය මෙහිදී දැඩි ලෙස උපහාසයට ලක් කරමින් අදහස් දක්වා ඇති විපක්ෂ නායක උදයනිධි ස්ටාලින්, මත්ද්රව්ය උවදුර මර්දනය කිරීමට රජයට ඇති සැබෑ වුවමනාව පිළිබඳව ප්රශ්න කර සිටී. එමෙන්ම මෙම ජාවාරම පිටුපස පාලක පක්ෂයේ බලගතු පුද්ගලයින් සිටින බවට චෝදනා කරන ඔහු, මේ පිළිබඳව ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සහ මූල්ය අපරාධ විමර්ශනය කරන බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය (ED) මැදිහත්ව පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් එන්.ඩී.ටී.වී. වෙත අදහස් දක්වමින් TVK පක්ෂ ප්රකාශක එම්. සත්ය කුමාර් සඳහන් කර ඇත්තේ, මෙම චෝදනාව සැලවූ වහාම අදාළ පුද්ගලයා පක්ෂයේ සියලු සාමාජිකත්වයන්ගෙන් නෙරපා හැරීමට කටයුතු කළ බවයි. "පක්ෂයට කරුණු දැනගත් සැණින් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරියා. අපට සෑම සාමාජිකයෙකුගේම පෞද්ගලික පසුබිම පිළිබඳ සොයා බලන්න බැහැ. බොහෝ දෙනෙක් නායකයන් සමඟ ඡායාරූප ලබා ගන්නවා," යැයි ඔහු පවසා තිබේ. තවද පසුගිය ඩී.එම්.කේ. පාලන සමයේදී ජැෆර් සාදික් නමැති ජාවාරම්කරු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී ද DMK පක්ෂය කටයුතු කළේ මෙලෙසින්ම බව පක්ෂ ප්රකාශකවරයා එහිදී සිහිපත් කර ඇත.
Google AdSense
In-Article Ad

