
කාවන්තිස්ස මරණය ඝාතනයක්..? මරණ පරීක්ෂණයක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අධිකරණ නියෝගය ලබා ගැනීමෙන් අනතුරුව, පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ මහාචාර්යවරුන් සහ විශේෂඥයින් ද ඇතුළත් විද්වත් කණ්ඩායමක් වෙත ඇතාගේ සිරුර යොමු කර මරණයට හේතු වූ නිශ්චිත සාධක අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බව වනජීවී බලධාරීහු සඳහන් කරති. එමෙන්ම මෙම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව සිදු කෙරෙන ඇතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ද ඊයේ රාත්රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් වෙල්යායක අසරණව ඇද වැටී සිටියදී ඊයේ පෙරවරුවේ වනජීවී නිලධාරීන් විසින් මෙම සත්ත්වයා සොයාගෙන තිබිණි. ඊට පෙර දින ප්රතිකාර ලබා දුන් ස්ථානයේ සිට කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් ගමන් කර තිබූ කාවන්තිස්ස ඇතා, දැඩි අසාධ්ය තත්ත්වයෙන් එම වෙල්යායේ ඇද වැටී තිබූ බව වාර්තා විය. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය කණ්ඩායම් පැය 24 පුරා නොකඩවා දැඩි පරිශ්රමයක් දරමින් ඇතාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්ය දැඩි සත්කාර සහ ප්රතිකාර ලබා දීමට පියවර ගෙන තිබුණි. වෙඩි ප්රහාරය එල්ල වී තිබුණේ ඇතාගේ ඉදිරිපස දකුණු පාදයට වන අතර, වෛද්ය ප්රතිකාර හමුවේ එම තුවාලය යම්තාක් දුරකට සුවවීමේ ප්රවණතාවක් පෙන්නුම් කළ ද, දිගින් දිගටම ආහාර සහ ජලය ප්රතික්ෂේප කිරීම හේතුවෙන් සත්ත්වයා දැඩි ලෙස ශරීර ශක්තිය පිරිහී විජලන තත්ත්වයකට පත්වීමෙන් අවසානයේ මරණයට පත්ව තිබේ.
Google AdSense
In-Article Ad

