
විදුලිය නැතිව ජලයත් නවතී..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එම මණ්ඩලය සඳහන් කරන්නේ, ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ ඇණහිටීමත් සමඟ ප්රධාන ජල පොම්පාගාර සහ බෙදාහැරීමේ පද්ධතිවල ක්රියාකාරීත්වය අඩාල වී ඇති බවයි. මේ හේතුවෙන් නළ ජල සැපයුම අඩාල වීම හෝ අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් වීම සිදුවිය හැකි බැවින්, පාරිභෝගිකයින් සතුව මේ වන විට ගබඩා කර ඇති ජලය අත්යවශ්ය කටයුතු සඳහා පමණක් ඉතා සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසත්, අනවශ්ය ලෙස ජලය නාස්ති කිරීමෙන් වළකින ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටී. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. අද පෙරවරුවේ ජාතික විදුලිබල පද්ධතියේ හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසක විදුලි සැපයුම එකවර විසන්ධි වූ අතර, ඊට සමගාමීව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්ර තුනම ද අක්රිය විය. අඹතලේ, බියගම ඇතුළු දිවයිනේ ප්රධාන පෙළේ ජල පිරිපහදු මධ්යස්ථානවල සිට උස් බිම් හා ජල කුලුනු වෙත ජලය පොම්ප කර බෙදාහැරීම සඳහා අඛණ්ඩව අධිබලැති විදුලි සැපයුමක් අවශ්ය වේ. විදුලිය විසන්ධි වන අවස්ථාවලදී ජනන යන්ත් මගින් අත්යවශ්ය පිරිපහදු කටයුතු පමණක් සීමිතව පවත්වාගෙන ගිය ද, සම්පූර්ණ ධාරිතාවයෙන් ජලය බෙදාහැරීමට නොහැක.
Google AdSense
In-Article Ad

