
මගේ සිවුර ගලවලා ආණ්ඩුව පෙන්නුවේ බෞද්ධ විරෝධය… ආයේ සිවුර අඳින්න සූදානම් නෑ…! – ඥානසාර හිමි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
තමන් මීට පෙරද අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගත වුවද ඒ කිසිදු අවස්ථාවක බන්ධනාගාරය තුළ හෝ ඉන් පිටත සිය සිවුර නොගැලවූ බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවධාරණය කරයි. මේ වන විට ජනාධිපති සමාව අහෝසි කර අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරගතකර සිටින එහිමියන් බැහැදකින්නට මැගසින් බන්ධනාගාරයට තමා ගිය අවස්ථාවේ මේ බව පැවසූවේ යැයි නීතිඥ චූලා අධිකාරි පවසයි. බෞද්ධ විරෝධී මාලාමාණ්ඩුවට තමන් වහන්සේගේ සිවුර ගැලවීමට බලවත් අවශ්යතාවක් තිබුණද තමන් පැය දෙකකට අධික කාලයක් බන්ධනාගාර නිලධාරීන් සමග සිවුර රැකගැනීමට සටන් කළ බවද අවසානයේ තමන් ගලවා විසි කළ සිවුර බන්ධනාගාර වහලේ විදුලි පංකාවක රැඳුණු බවද ඥානසාර හිමි සඳහන් කරයි. එසේම තමන් වහන්සේගේ සිවුර ගලවන ආකාරය කිසිවෙකු විසින් දුරකතනය ඔස්සේ නැරඹූ බවද තම සිවුර ගලවා බෞද්ධන් කෙරෙහි සහ මහා සංඝ රත්නය කෙරෙහි පවතින සිය වෛරය පිරිමසා ගැනීමට ඔවුන්ට අවශ්ය වූ බවද එහිමියන් පෙන්වා දෙයි. උපසම්පදා භික්ෂුවක වන තමා නැවත සිවුර දරන්නේ නම් එය චාරිත්රානුකූලව වත්පිළිවෙත් අනුව සිය නිකාය මගින් කළ යුතු බවද එසේ නොමැතිව කිසිවෙකු සිවුරක් විසි කළ පමණින් තමා නැවත සිවුරක් නොඅඳින බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩි දුරටත් ප්රකාශ කරයි. - emanisa
Google AdSense
In-Article Ad

