FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සෞදි අරාබියට එල්ල වන හුති ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්න බ්‍රිතාන්‍යයෙන් අලුත්වැඩක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සෞදි අරාබියට දිගින් දිගටම එල්ල වන හූති ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සදහා රාජකීය ගුවන් හමුදාවට (RAF) අයත් ටයිෆූන් ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. හිතී සටන්කාමීන් විසින් සෞදි අරාබියට එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට නගර සහ තීරණාත්මක සිවිල් යටිතල පහසුකම් ද ඉලක්ක වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ. මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් වෙස් ස්ට්‍රීටින් කියා සිටියේ මෙම ප්‍රහාරක යානා ආරක්ෂක මෙහෙයුම් සඳහා පමණක් යොදවන බවයි. එසේ නොමැතිව හූතිවරුන්ට එරෙහිව ප්‍රහාර හෝ ප්‍රතිප්‍රහාර සිදු කිරීමට මෙම යානා මෙහෙයුම් සිදු නොකරන බවද බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරාය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ටයිෆූන් ප්‍රහාරක යානා සමඟ හමුදා උපදේශකයන් සහ RAF A400M ප්‍රවාහන ගුවන් යානයක් ද සෞදි අරාබියට යැවීමටයි බ්‍රිතාන්‍යය සැලසුම් කර තිබෙන්නේ. සෞදි අරාබියට ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ සැපයීම සහ එරට ආරක්ෂක මෙහෙයුම් සඳහා ගුවනේදී ගුවන් යානා වෙත ඉන්ධන සැපයීමේ සහාය ලබාදීම මෙමගින් සිදු කෙරුණු ඇති. සෞදි අගනුවර වන රියාද් සහ එරට වෙරළබඩ ප්‍රදේශවල පිහිටි බලශක්ති මධ්‍යස්ථාන වෙත ද ඉකුත් දින කිහිපයේදී හූති ප්‍රහාර එල්ල වුණා. ඔක්තෝබර් 10 සහ 11 යන දිනවල රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළටද ප්‍රහාර එල්ල වූ අතර ඒ හේතුවෙන් ගුවන් තොටුපළ කටයුතුද නවතා දැමීමටයි සිදුවුණේ. ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කෙරුණා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 308 දෙනෙකු තුවාල ලැබූ බවයි පසුව නිකුත් කළ තහවුරු කළ වාර්‍තාවල දැක්වුනේ. ඉරානයේ ද සහාය ලබන හුතී සටන්කාමීන්, සෞදි අරාබියේ සහාය ලබන යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජය සමඟ දිගුකාලීන සිවිල් යුද්ධයක නිරතව සිටිනවා. .

Google AdSense

In-Article Ad