FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තිරිගු පිටි මිල වැඩි කෙරේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම නව මිල සංශෝධනයත් සමඟ දිවයින පුරා තොග සහ සිල්ලර වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ගණන් ඉහළ යනු ඇත. ගෝලීය වෙළෙඳපොළේ තිරිඟු මිල උච්චාවචනය වීම මෙන්ම ප්‍රවාහන හා මෙහෙයුම් වියදම් ඉහළ යාම හමුවේ මීට පෙරද මෙරට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් සහ ආනයනකරුවන් විසින් අවස්ථා කිහිපයකදීම මිල සංශෝධනයන් සිදු කරනු ලැබීය. තිරිඟු පිටි මිල මෙලෙස යළිත් ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මෙන්ම කොත්තු, රොටී ආදී පිටි ආශ්‍රිත කෙටි ආහාරවල මිල ගණන් කෙරෙහිද ඉදිරියේදී සෘජු බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්‍ග සහ බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කිරීම පිළිබඳව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඇතුළු අදාළ පාර්‍ශ්වයන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවයි.

Google AdSense

In-Article Ad