FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සමාජ ජාල හෙල්ලූ වස් කවිය ලිවුවේ කවුදැයි සොයා පරීක්‍ෂණයක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිමේන්තු සභාවාරය අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අසත්‍යය ප්‍රචාරය කරමින් ජනතාව මුළා කර බලය ලබාගත් වත්මන් පාලකයන්, අවසානයේ සාමාන්‍ය වස් කවියකට පවා බිය වී ඇති බවයි. “බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්” යනුවෙන් ප්‍රචලිත වන කවි පදයක් සභාව හමුවේ උපුටා දක්වමින් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, බලයට පත්වීමට බොරුව උපයෝගී කරගත්තේ නම් ඊට අදාළ දිට්ඨධම්මවේදනීය කර්‍මය මෙලොවදීම පඩිසන් දීම වැළැක්විය නොහැකි ස්වභාවික ධර්‍මතාවක් බවයි. පාලකයන් මෙලෙස කලබල වී ඇත්තේ බලය ලබාගැනීමට අපේක්ෂා කරන අයෙකු සම්බන්ධයෙන් නොව, දැනටමත් බොරුවෙන් රජවී සිටින පුද්ගලයන් පිළිබඳ සත්‍යය හෙළිවීම නිසා බව පැවසූ මන්ත්‍රීවරයා, මෙවැනි නිර්‍මාණ සිදුකරන පුද්ගලයන් පසුපස හඹා යමින් පරීක්ෂණ පැවැත්වීම මඟින් ආණ්ඩුවේ පවතින බියගුලු සහ අස්ථාවර ස්වභාවය මැනවින් ප්‍රදර්‍ශනය වන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad