FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රෝහල් මෝචරියේ අමුතු ජාවාරමක්.. මියයන රෝගීන් අඩු මිලට එම්බාම් කර දෙයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

දික්ඔය මූලික රෝහලේදි නේවාසිතව ප්‍රතිකාර ලබා මිය යන සහ ප්‍රදේශයේ සිදු වන සියදිවි හානි කර ගැනීම්, හදිසි අනතුරුවලින් මිය යන අයගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමෙන් පසු එහි සේවකයන් විසින් පෂ්චාත් මරණ පරික්ෂණය සිදු කර සිරුර මෘත ශරීරාගාරය වෙත යොමු කිරිමෙන් පසු එම දේහය අයිතිකරුවන් සමග සාකච්ඡා කර මල්ශාලාවේ අය කරන මුදලට අඩුවෙන් සිරුර එම්බාම් කර සිරුර ලස්සනට සකසා ලබා දෙන බවට පොරොන්දු වි දේහය තැම්පත් කිරිමට ඇදුම් සහ පෙට්ටිය පමණක් රැගෙන එන ලෙස එම සේවකයින් විසින් ඥාතීන්ට පවසන බවයි එයට විරුද්ධ පිරිස් කියා සිටින්නේ. දේහයක් නැවත ඥාතීන්ට භාර දිමේදි නිකුත් කර ඇති චක්‍ර ලේඛණවලට පටහැනිව දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් විසින් සිදු කරන මෙම ජාවාරම සම්බන්ධයෙන් අප දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උපුලි බණ්ඩාර මහත්මියගෙන් අප කල විමසුමකට ඇය කියා සිටියේ, තමන් යටතේ පවතින මෘත ශරීරාගාරයේ ඇතැම් සේවකයින් එවැනි නීති විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ පිලිබදව විමර්‍ෂණයක් සිදු කිරිමට සාක්ෂි සහිතව ලිඛිතව ඒ පිලිබදව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක, නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක, රෝහල් අධ්‍යක්ෂක සහ තමන් වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිලිබදව විමර්‍ෂණයක් සිදු කල හැකි බවයි. තමන් දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ලෙස වැඩ භාර ගෙන දින කිහිපයක් වන බවත්, තමන් යටතේ සිටින එම සේවකයින් එවැනි නීති විරෝධි ක්‍රියාවක් සිදු කරන්නේ නම් එය නිකුත් කර ඇති රජයේ චක්‍ර ලේකණවලට පටහැනි බවයි.

Google AdSense

In-Article Ad