
කතා රැසක් සමග නිමල් පෙරේරාගේ NP capital වෙබ් අඩවිය අතුරුදහන්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වන සේ බිඳවැටී තිබීම හේතුවෙන්, එහි ඩිජිටල් මෙහෙයුම්වලට සිදුවූයේ කුමක්ද යන්න සහ එම වේදිකාව හරහා ප්රදර්ශනය කර තිබූ විවිධ ආයෝජන හා ව්යාපාරික ව්යාපෘතීන්හි වත්මන් තත්ත්වය පිළිබඳව මූල්ය හා ව්යාපාරික ක්ෂේත්රය තුළකතාබහක් නිර්මාණය වී තිබේ. මෙම අක්රිය වීම සාමාන්ය පද්ධති නඩත්තු කටයුත්තක් හෝ තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවක්ද, එසේ නොමැති නම් ආයතනයේ තීරණයක් මත වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කරගත්තේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් තහවුරු වී නොමැත. මීට පෙර අදාළ වෙබ් අඩවියෙහි සමාගමට අනුබද්ධිත මූල්ය, දේපළ වෙළෙඳාම් සහ ආයෝජන ව්යාපෘති රැසක තොරතුරු අන්තර්ගතව පැවතිණි. ව්යාපාරික නිමල් පෙරේරා මහතා මෙරට ආන්දෝලනයට තුඩු දුන් ප්රධාන මූල්ය විමර්ශන කිහිපයකදීම නම සඳහන් වූ චරිතයකි. විශේෂයෙන්ම ශ්රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුවේදී අල්ලස් මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් ඔහුගේ නම විමර්ශනවලදී ඉදිරියට පැමිණියේය. මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ‘ගවර්ස් කෝපරේට් සර්විසස්’ සමාගම හරහා රුපියල් මිලියන ගණනක මුදල් විශුද්ධිකරණය කළ බවට නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ ප්රධාන රජයේ සාක්ෂිකරුවෙකු ලෙසද නිමල් පෙරේරා මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන පෙළේ ආයෝජකයෙකු මෙන්ම පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපතිවරයෙකුද වන නිමල් පෙරේරා මහතා, පසුගිය කාලය පුරාම විවිධ ක්ෂේත්රයන්හි ආයෝජන කටයුතු මෙහෙයවනු ලැබුවේ ‘එන්.පී. කැපිටල්’ සමාගම මූලික කරගනිමිනි. එවන් පසුබිමක එම ආයතනයේ ප්රධාන වෙබ් අඩවිය අක්රිය වීම අවධානයට ලක්ව තිබේ.
Google AdSense
In-Article Ad

