FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කලුතර බන්ධනාගාරයේ නිලධාරීන් අහසට වෙඩි තබයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කලුතර බන්ධනාගාරයට තහනම් භාණ්ඩ සහිත පාර්‍සලයක් විසි කළ සැකකරුවෙකු අත්අත්අඩංගුවට ගැනීම සදහා එම බන්ධනාගාරයේ නිලධාරීන් අහසට වෙඩි තබා තිබෙනවා. බන්ධනාගාරයේ පිටත සිට පුද්ගලයෙකු තහනම් භාණ්ඩ අයත් පාර්‍සලයක් බන්ධනාගාරය තුළට විසි කරනු දැක ඇත්තේ එම බන්ධනාගාරයේ මුර අට්ටාලයක සිටි නිලධාරියෙක්. අහසට වෙඩි තබා සැකකරු අල්ලා ගැනීමට වහා ක්‍රියාත්මක වූ එම නිලධාරියා සිය ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව පැවසුවේ. කෙසේවෙතත් සැකකරු පලා ගොස් තිබෙනවා. ඔහු විසින් බන්ධනාගාරය තුළට විසි කළ පාර්‍සලය නිලධාරින් සිය භාරයට ගත් බවයි බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව පැවසුවේ. එම පාර්‍සලයේ තිබී ජංගම දුරකථන 6ක් සහ මත්ද්‍රව්‍ය සොයා ගත් බවද බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. .

Google AdSense

In-Article Ad