FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

‘චොකා මල්ලි’ වහා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.. ඔහු රටින් පිටවෙලා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. අදාළ විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මඟින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කර සිටියේය. නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා සමඟ කිසිදු අයුරකින් සබඳතා පවත්වා ගැනීමට නොහැකි වූ බැවින් ඔහුට අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි. නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ආගමන හා විගමන දෙපාර්‍තමේන්තුවේ දත්ත වාර්‍තා අධිකරණයට ඉදිරිපත් කරමින් අනාවරණය කළේ, ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගිය අගෝස්තු 31 වන දින දිවයිනෙන් බැහැරව තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි. අගතියට පත් පාර්‍ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, විත්තිකාර අභියාචක ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය. 2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත නගරයේ එවකට විපක්ෂයේ මැතිවරණ වේදිකාවක් සකස් කරමින් සිටි ශාන්ත දොඩංගොඩ නැමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට වරදකරු කරමින්, රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි 31 වන දින ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරන ලදී. කෙසේ වෙතත්, එම මරණ දඬුවම් නියෝගයට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ අභියාචනාධිකරණය, 2022 මාර්‍තු 31 වන දින ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේය. පසුව, අභියාචනාධිකරණයේ එම නිදහස් කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා අගතියට පත් පාර්‍ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම විශේෂ අභියාචනා පෙත්සම ගොනු කර තිබිණි.

Google AdSense

In-Article Ad