
වන අලියෙකු ඝාතනය කර කෑලි කපා වලදාලා..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ලද රහසිගත තොරතුරකට අනුව වහාම ක්රියාත්මක වූ කළුපාලම සහ දෙමලිය වනජීවී කාර්යාලවල නිලධාරීන්, ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් අදාළ ප්රදේශයේ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබිණි. එම මෙහෙයුමේදී සැකකටයුතු ඉඩම් පරිශ්රයක සිදුකළ කැණීමකදී, මරා දමා වළ දමන ලද බවට දැඩි ලෙස සැකකෙරෙන වන අලියෙකුගේ සිරුරු කොටස් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. මෙම සත්ත්වයා මියගියේ කුමන ආකාරයෙන්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී පශු වෛද්ය නිලධාරීන් ලවා විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණය හමුවට කරුණු වාර්තා කිරීමට නියමිතය. වන අලියා ඝාතනය කර සාක්ෂි වසන් කිරීමේ චේතනාවෙන් මෙලෙස වළ දමන ලද්දේ කවුරුන් විසින්ද යන්න අනාවරණය කරගැනීම සඳහා ඌව කුඩාඔය පොලීසිය සහ වනජීවී නිලධාරීන් එක්ව පුළුල් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
Google AdSense
In-Article Ad

