FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලෝක යුද්දයක් ඔන්න මෙන්න.. සියළු ඇමරිකානුවක් සෞදි අරාබියෙන් ඉවත් වෙති...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට දෙරටේ ආරක්ෂක අංශ සූදානම් වන බව ‘ද නිව්‍යෝර්‍ක් ටයිම්ස්’ පුවත්පත උපුටා දක්වමින් එම වාර්‍තාව සඳහන් කරයි. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගියදා කිසිදු පූර්‍ව දැනුම්දීමකින් තොරව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙමින් එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සමඟ ඉදිරි ප්‍රහාර සැලසුම් පිළිබඳව දීර්‍ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද අනාවරණය වී තිබේ. මෙම ඒකාබද්ධ මෙහෙයුමේදී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, බලශක්ති යටිතල පහසුකම් මෙන්ම මිසයිල හා ඩ්‍රෝන අවි ගබඩා ඉලක්ක කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, මේ දක්වා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම නව ප්‍රහාර සඳහා අවසන් අනුමැතිය ලබා දී නොමැති අතර, මහා පරිමාණ යුද්ධයකට යළි ප්‍රවිෂ්ට වීමට එරෙහිව ඔහු මීට පෙරද නිශේධ බලය භාවිත කර තිබිණි. මේ අතර, තමන්ට ප්‍රහාරයක් එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයේ දත්ත මධ්‍යස්ථාන සහ මුහුදු පත්ලේ ඇති අන්තර්‍ජාල සන්නිවේදන රැහැන් පද්ධති ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇති අතර, තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු පසුබැසීමක් සිදු නොකරන බවද අවධාරණය කර ඇත. ඉරාන හිතවාදී යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර වීම හමුවේ සෞදි අරාබියේ සිටින ඇමරිකානු තානාපති කාර්‍යාල නිලධාරීන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. පසුගිය බදාදා දම්මාම් නුවර කිං ෆාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලැබූ අතර, ‘සෞදි අරාම්කෝ’ සමාගමට අයත් ෂෙයිබා තෙල් නිධියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින්ද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෞදියට අමතරව කලාපයේ සෙසු ඇමරිකානු තානාපති කාර්‍යාලවල නිලධාරීන්ගේ පවුල්ද ඉවත් කර ගැනීමට වොෂින්ටනය සැලසුම් කරන බව රොයිටර් පුවත් සේවය පවසයි. මෙම යුද ආතතියත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ ‘බ්‍රෙන්ට්’ වර්‍ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 98.12 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදු කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වුවහොත් තෙල් මිල මීටත් වඩා සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ආර්‍ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.

Google AdSense

In-Article Ad