FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වස්කවි කියලා, යන්ත්‍ර මන්ත්‍ර කරලා ජනාධිපති ඝාතනය කරන්න හදනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

‘ජන පැතුමට වගකියන ජන බලයක්’ මැයෙන් කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ නියෝජිතයන් මේ බව පැවසූහ. බුදුදහමට මුළුමනින්ම පටහැනි අන්දමින් ඇතැම් භික්ෂූන් සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව මෙවැනි අදමිටු නාඩගම් සහ බලි තොවිල් නටමින් සිටින බව චෝදනා කළ නීතිය හමුවේ ඕනෑම බරපතළ අපරාධයක් නිර්‍ණය කෙරෙන්නේ ඒ පිටුපස ඇති සාපරාධී චේතනාව මත පදනම්ව බව පෙන්වා දුන්නාය. "අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රුව මැටියෙන් හදලා, ඒකට යක්ෂයන් ගෙන්නලා, ඔළුව සත්කඩකට පැලිලා මැරෙන්න ඕන කියලා යාතුකර්‍ම කරනවා. මෙතන තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ජනාධිපතිවරයාව මරා දැමීමේ අරමුණින් කරන සැලසුම්සහගත චේතනාවක්. බුදුදහම පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිව සිවුරට මුවා වෙලා දේශපාලනය කරන කස්සප, සමන්තභද්‍ර වැනි භික්ෂූන් සහ විපක්ෂය මේ හරහා හදන්නේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමටයි. මේ ගුප්ත බලි තොවිල් සහ අභිචාර පිටුපස ඇති සැබෑ ඝාතන සැලසුම් ගැන රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි. මහජන රජය සහ එහි නායකත්වය ආරක්ෂා කිරීම රාජ්‍යයේ ප්‍රමුඛ වගකීමක්" යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

Google AdSense

In-Article Ad