FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

‘යක්ෂ රාජ වජ්‍රපාණී’ පාර්‍ලිමේන්තුවේ කියයි.. වස් කවියක් හැන්සාඩ්ගත වන්නේ මුල් වරටයි..

FM Heart · 2 min read

The Heart Academy
පාර්‍ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පාර්‍ලිමේන්තු සභා ගර්‍භයේදී ගායනා කරන ලද ආන්දෝලනාත්මක වස් කවියක් මෙරට ව්‍යවස්ථාදායක ඉතිහාසයේ ප්‍රථම වතාවට හැන්සාඩ් වාර්‍තාවට ඇතුළත් වෙයි. මන්ත්‍රීවරයා පාර්‍ලිමේන්තුව අමතමින් කියා සිටියේ වත්මන් පාලකයන් මෙරට පාරම්පරික අභිචාර විධි හා සංස්කෘතික අංගයන් වන වස් කවි ආදිය කෙරෙහි අනවශ්‍ය භීතියකින් පසුවන බවයි. මෑතකදී රට තුළ සිදුවූ සිදුවීම් මාලාව සිහිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, වස් කවි ලියූ සහ ඒවා ගායනා කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තරම් ආණ්ඩුව දැඩි කැළඹීමකට පත්ව ඇති බවයි. යාගහෝම, ශාන්තිකර්‍ම සහ වස් කවි යනු මෙරට ඓතිහාසික ජන සංස්කෘතියේ අංග බවත්, ඒවාට බිය විය යුත්තේ වරදක් කළ පාර්‍ශ්වයන් පමණක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. වත්මන් පාලනය මහා සංඝරත්නය හෝ සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිළිබඳ උනන්දුවක් නොදක්වන බවට චෝදනා කළ ජයසේකර මහතා, ආණ්ඩුව සිදුකරන්නේ බාහිර ප්‍රදර්‍ශනය උදෙසා පමණක් විදේශීය ආගමික නියෝජිතයන් ගෙන්වා පෙනී සිටීම බව සඳහන් කළේය. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී පවා රාජ්‍ය මට්ටමින් ඊට අවශ්‍ය නිසි පරිසරය සකස් කර දීමට බලධාරීන් අසමත් වූ බව හෙතෙම පෙන්වා දුන්නේය. කවිය අවසානයේ මන්ත්‍රීවරයා සඳහන් කළේ, බොරුවෙන් හා වංචාවෙන් බලයට පත්ව සම්බුදු සසුනට හා දේශයට විනාශය ළඟා කළ පිරිස් මෙම සාපයන්ට සහ වස් කවිවලට නිසැකවම බිය විය යුතු බවයි.
99mobile