FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොටහේනේදී මෝටර් රථයකින් අම්බර් තොගයක් මතුවෙයි

FM Heart · 1 min read

The Heart Academy
තල්මසුන්ගෙන් ලබා ගන්නා ලද අම්බර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටහේන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි. එහි තිබී අම්බර් කිලෝ 07 යි ග්‍රෑම් 990 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය මගින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මකයි. .
99mobile