FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පත්තර දැන්වීම් දමා ෆවුසි රටෙන්ම සමාව ඉල්ලයි..

FM Heart · 1 min read

The Heart Academy
අදාළ වාහනයේ ඡායාරූපයක් ද සහිතව පළ කර ඇති මෙම විශේෂ සමාව අයැදීමේ දැන්වීම මගින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, නඩුකරයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට ගරු කරමින් තමන් මෙම පියවර ගත් බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු පොදු දේපළක් වූ WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ රථය සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව වෙත සිය අවංක සහ ඉතා ඕනෑකමින් යුතු සමාව අයැද සිටින බව හිටපු අමාත්‍යවරයා එම දැන්වීම මගින් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්‍ලන්ත රජය විසින් ලබාදී තිබූ මෙම වාහනය අමාත්‍යවරයා සිය පෞද්ගලික වාසිය සඳහා අවභාවිත කිරීම තුළින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති ‘නීතිය හමුවේ සමානාත්මතාවය’ පිළිබඳ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තීන්දු කළේය.
99mobile