FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ජනාධිපතිට, පැලවත්ත කාර්‍යාලයට තර්‍ජනයක් කියා කස්සප හිමිට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්..

FM Heart · 1 min read

The Heart Academy
මෙම පැමිණිල්ල මගින් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර ඇත්තේ, අදාළ සැකකරු සහ තම පක්ෂයේ පැලවත්ත ප්‍රධාන කාර්‍යාලය අතර කිසිදු ආකාරයක සබඳතාවක් නොමැති බවයි. බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකර ඇත්තේ සම්පූර්‍ණයෙන්ම සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බවත්, එය රට තුළ මහජන නොසන්සුන්තාවයක් සහ කැළඹීමක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් එම පැමිණිල්ලේ දැක්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද නිරන්තරයෙන් පැලවත්ත පක්ෂ මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙන බැවින්, මෙවැනි අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාවට බරපතළ තර්‍ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දී ඇත. මෙම අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ජනතා විමුක්ති පෙරමුණ, ඊට අදාළ වීඩියෝ දර්‍ශන සහ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ සටහන් ද සාක්ෂි වශයෙන් පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
99mobile