FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මැදපෙරදිග ඇමෙරිකානුවන්ට පහර දෙන්න ඉරාන සැලසුමක්...

FM Heart · 2 min read

The Heart Academy
විදෙස් මාධ්‍ය වාර්‍තා කරන්නේ, දෙරට අතර උණුසුම් වාතාවරණය තවදුරටත් වර්‍ධනය වෙමින් පවතින පසුබිමක මෙම නවතම බුද්ධි තොරතුරු අනාවරණය වී ඇති බවයි. අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ද වන මාර්‍කෝ රූබියෝ වෙත යොමු කරන ලද රහස්‍ය සංදේශයක මේ බව සඳහන් වේ. විවිධ මාර්‍ග ඔස්සේ ලැබී ඇති තොරතුරුවලට අනුව, මැදපෙරදිග සහ තවත් රටවල් කිහිපයක සිටින අමෙරිකානු පුරවැසියන් හා රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු විවිධ කුමන්ත්‍රණ දියත් කිරීමේ ක්‍රියාමාර්‍ග ඉරානය විසින් ඉතා දියුණු මට්ටමකට ගෙනැවිත් ඇති බව එම වාර්‍තාව අනතුරු අඟවයි. ඉරාන සහාය ලබන හූති සටන්කාමීන් විසින් සෞදි අරාබිය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මෑත සතිවලදී ඉහළ දමා ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට ටෙහෙරාන් හමුදා එල්ල කරන ප්‍රහාර ද පුළුල් කර ඇත. සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ සිවිල් ගුවන් තොටුපළ වෙත හූති ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානම හේතුවෙන්, සෞදියේ ස්ථානගත කර සිටි අමෙරිකානු තානාපති කාර්‍යාල නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් ඉවත්වන ලෙස වොෂින්ටනය පසුගියදා නියෝග කර තිබිණි. සෙනසුරාදා අලුයම ද රියාද් අගනුවර ඉලක්ක කර හූතිවරුන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් සාර්‍ථකව විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය. මේ අතර, ඉදිරි අන්තර්‍වාර මැතිවරණයෙන් පසුව අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව නැවතත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් වන බවට ද අනාවරණය වේ. වර්‍ධනය වන මෙම යුදමය වාතාවරණය සහ ගෝලීය තෙල් සංචිත පහත වැටීම පිළිබඳ පවතින බිය හේතුවෙන්, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පසුගිය අප්‍රේල් මාසයෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 117 ඉක්මවා ගොස් තිබේ. මෙම යුද ගැටුම් හමුවේ අමෙරිකාව තුළ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ද ඉදිරි මැතිවරණයේදී දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටී.
99mobile