FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නොරොච්චෝල යලි කැඩේ.. කොටසක් නවතී..

FM Heart · 2 min read

The Heart Academy
කෙසේ වෙතත්, එම ජනන යන්ත්‍රය අක්‍රිය වීම ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවයට බලපෑමක් එල්ල නොවන බවත්, දිවයින පුරා විදුලි සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යාංශය අවධාරණය කර සිටී. දෝෂයට ලක්වූ ජනන යන්ත්‍රය කඩිනමින් යථා තත්ත්වයට පත්කර යළි ජාතික පද්ධතියට එක්කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ කාර්‍මික කණ්ඩායම් මේ වන විටත් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවද වාර්‍තා වේ. පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමත් සමග ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර ත්‍රිත්වයම (මෙගාවොට් 900) සම්පූර්‍ණයෙන්ම අක්‍රිය විය. ඉන් අනතුරුව විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීන විදුලි කප්පාදුවක්ද ක්‍රියාත්මක කෙරුණු අතර, දින කිහිපයක් පුරා දියත් කළ දැඩි පරිශ්‍රමයකින් පසු අංක 01, 02 සහ 03 යන ජනන යන්ත්‍ර සියල්ලම යථා තත්ත්වයට පත්කර පද්ධතියට එක් කරනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 24 වැනිදාය. එලෙස පූර්‍ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගෙන කෙටි දින කිහිපයක් ගතවීමටත් පෙර දෙවැනි ජනන යන්ත්‍රයේ මෙලෙස නැවතත් කාර්‍මික දෝෂයක් මතුව තිබේ. මෙරට දෛනික මූලික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40කට අධික ප්‍රතිශතයක් සපුරාලනු ලබන්නේ නොරොච්චෝලේ බලාගාරය මගින් වන බැවින්, එහි ජනන යන්ත්‍රවල සිදුවන නිරන්තර බිඳවැටීම් ජාතික විදුලිබල කළමනාකරණයේදී දැඩි සංවේදී සාධකයක් බවට පත්ව ඇත.
99mobile