
ඉන්දුනීසියාවේ භූ කම්පනයක් – ශ්රි ලංකාවට බලපෑමක් නැහැ
FM Heart · 1 min read
ඉන්දුනීසියාවේ ටුවාල් (Tual) නගරයට නිරිතදිගින් පිහිටි මුහුදු කලාපයේ රික්ටර් මාපකයේ 5.7 ක ප්රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. අද අලුයම 3.36 ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ ටුවාල් නගරයේ සිට කිලෝමීටර් 270 කට ආසන්න දුරකින් පිහිටි මුහුදු තීරයේයි. එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 128 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි. භූමිකම්පාව සැලකිය යුතු ගැඹුරකින් සිදුවීම හේතුවෙන් සුනාමි අවදානමක් හෝ ඉන් සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. එමෙන්ම මෙම භූමිකම්පාව සිදුවූ ස්ථානය ශ්රී ලංකාවේ සිට බොහෝ දුරින් පිහිටා තිබීම සහ සුනාමි තත්ත්වයක් නිර්මාණය වී නොමැති වීම හේතුවෙන්, මෙමගින් ශ්රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි වාර්තා වන්නේ. .

