FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලබන අවුරුද්ද විතරයි මේ ආණ්ඩුව තියෙන්නේ... ලබන අවුරුද්දෙන් මේ ආණ්ඩුව ඉවරයි..

FM Heart · 1 min read

The Heart Academy
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු අණපනත් ගෙන එමින් රට තුළ කිසිදු මානව හිමිකම් උල්ලංඝනයක් සිදු නොවන බවටත්, ජාත්‍යන්තර ගැටලු මතු නොවන බවටත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ප්‍රකාශ කරමින් සිටින බවයි. ගමේ අහිංසක ගැමියන්ට මුසාවාද පවසමින් අන්දන්නා සේ ජාත්‍යන්තර ප්‍රජාව මුලා කිරීමට ආණ්ඩුවට නොහැකි බව හෙතෙම අවධාරණය කළේය. "බොරු කීම සම්බන්ධයෙන් ඔලිම්පික් උළෙලේ තරගයක් තිබ්බා නම් ආණ්ඩුවේ මැති ඇමැතිවරු රන් පදක්කම් සීයයක් විතර දිනාගන්නවා. මානව හිමිකම් කඩවෙන්නේ නෑ කියලා ආණ්ඩුව පාරම්බෑවට, හෝමාගම පොලිසිය ඇතුළේ අත්අඩංගුවේ හිටපු තරුණයෙක් මියගිය එක මානව හිමිකම් උල්ලංඝනයක් නෙමෙයිද? ආණ්ඩුවට ඕන ප්‍රශ්න අහන්න නෙමෙයි, රටේ සැබෑ ප්‍රශ්නවලට උත්තර දෙන්නයි," යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. මර්‍දනකාරී පනත් කෙටුම්පත් හමුවේ විපක්ෂය බිය වී ඇති බවට ආණ්ඩුව නගන චෝදනා ප්‍රතික්ෂේප කළ මරික්කාර් මහතා, ජනතා මර්‍දනයට එරෙහිව නැගී සිටීම විපක්ෂයේ ප්‍රධාන වගකීමක් බව පෙන්වා දුන්නේය. කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට නොගෙන මඟහැරීමට උත්සාහ දරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ම කථානායකවරයාට විරුද්ධව සිටින බැවින් යැයි කී මන්ත්‍රීවරයා, "ඔබතුමාලට තව ලබන අවුරුද්ද විතරයි මේ ආණ්ඩුව තියෙන්නේ. ලබන අවුරුද්දෙන් මේ ආණ්ඩුව ඉවරයි," යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.
99mobile