FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුවට වලානෙන් පනී.. පරිගණක පද්ධතියේ සම්පූර්‍ණ දත්ත පිටපත් කර ගනී..

FM Heart · 1 min read

The Heart Academy
පානදුර වාලාන මධ්‍යම දූෂණ මර්‍දන ප්‍රහාරක බලකායේ මැදිහත්වීමෙන් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන අතර, දෙපාර්‍තමේන්තු මෙහෙයුම් පද්ධතිය තුළ සිදුව ඇතැයි සැකකෙරෙන වංචනික ක්‍රියාකාරකම් සහ අක්‍රමිකතා සවිස්තරාත්මකව අනාවරණය කර ගැනීම මෙහි මූලික අරමුණයි. තාක්ෂණික පදනමක් ඔස්සේ සිදුකෙරෙන මෙම දත්ත ලබාගැනීමේ සහ විශ්ලේෂණය කිරීමේ මෙහෙයුම සඳහා ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එක්ව සිටිති. කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ (UCSC) මහාචාර්‍යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනයේ තාක්ෂණික ඉංජිනේරුවන්, 'GovTech Sri Lanka' ආයතනයේ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් පූර්‍ණ තාක්ෂණික අධීක්ෂණය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුවේ සර්‍වර් පද්ධතිවල අඩංගු වාහන ලියාපදිංචි කිරීම්, අයිතිය පැවරීම්, ගාස්තු අය කිරීම් සහ චැසි අංක ඇතුළු සංවේදී ඩිජිටල් දත්ත විමර්‍ශන කටයුතු සඳහා පිටපත් කරගැනීම සිදුකර ඇත.
99mobile