FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

උතුරේ විරු සමරුවට මාලිමා මන්ත්‍රීවරුන්ද එක්වේ..

FM Heart · 1 min read

The Heart Academy
ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම සැමරුම් අවස්ථාව එම සභාවේ සභාපති පොන්නයියා කුගදාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව වාර්‍තා උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරයි. සටන්කාමීන් ලෙස කටයුතු කළ සිය සහෝදර සහෝදරියන් දෙදෙනෙකු අහිමි වූ සභිකාවක වන කලෙයිවානි නිරන්තන් මහත්මිය විසින් එහිදී සැමරුම් පහන දල්වා ඇති බව ද එහි දැක්වේ. අනතුරුව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලක පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු සභිකයන් පිරිස ස්මාරකය වෙත සිය ගෞරවය පුද කර ඇති අතර, මියගිය පිරිස සිහිපත් කරමින් නිශ්ශබ්දතාවක් රැකීමෙන් පසුව සභා වාරය ආරම්භ කර ඇති බව ටැමිල් ගාඩියන් වාර්‍තාවේ සඳහන් වේ. "මාවීරර්" යන්නෙහි අර්‍ථය "මහා වීරයන්" යන්න බවත්, එය දෙමළ විමුක්ති අරගලයේදී මියගිය සටන්කාමීන් හැඳින්වීම සඳහා දෙමළ ජනතාව භාවිත කරන නාමය බවත් පෙන්වා දෙන එම පුවත් වාර්‍තාව, ඔවුන් සෑම වසරකම නොවැම්බර් 27 වැනිදාට යෙදෙන "මාවීරර් දිනයේදී" (මහා වීරයන්ගේ දිනය) සිහිපත් කෙරෙන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
99mobile