FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කාන්තාවන්ට හා ළමා හිංසනයට එරෙහිව…

FM Heart · 2 min read

The Heart Academy
සජිත් සහ සජබ මන්ත්‍රීවරියෝ තැඹිලි පාටින් පාර්‍ලිමේන්තු එති ඔබතුමා අද හරි ලස්සනයි – කථානායක සජිත්ට කියයි අගමැතිනියත් එක්වී… කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමාජයේ අවධානය යොමුකරවීමේ අරමුණින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා සමගි ජනබලවේගයේ කාන්තා මන්ත්‍රීවරියෝ තැඹිලි පැහැති ඇඳුම්වලින් සැරසී ඊයේ (26දා) පාර්‍ලිමේන්තුවට පැමිණියහ. කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්‍ෂය පිළිබඳ ඊයේ (26දා) පැවති විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීවේය. “කොරෝනා වසංගතය පැවැති කාලයේදී ගෘහස්ත කාන්තා හිංසනය වැඩි වුණා. ඒ වගේම වැඩබිමේදී, මහමගදී කාන්තාවන් හා දරුවන් හිංසනයට ලක්වෙනවා. මේවා ගැන රජයේ අවධානය යොමුවිය යුතු යැයි කීවේය. එසේම කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය සෑම පාර්‍ශ්වයක්ම එකතු කර ගනිමින් වැඩකරන ඇමතිවරියක් බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව සරෝජා පෝල්‍රාජ් ඇමතිවරියට ප්‍රශංසාව පළ කළේය. විපක්ෂ නායකවරයාගේ අදහස් දැක්වීම අතරවාරයේදී කාලය ඉක්මවා ගොස් ඇති බව කිහිපවතාවක්ම දැනුම් දුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා “ඔබතුමා අද හරි ලස්සනයි, දැන්වත් කතාව අවසන් කරන්නකො” යනුවෙන් පැවසීය. එවිට කථානායකවරයා ඇමතූ සජිත් ප්‍රේමදාස මහතා, “පොඩ්ඩක් ඉන්නකො, මම මේ කතා කරන්නේ මේ රටේ කාන්තා හා ළමා පරපුර වෙනුවෙන්. ඔබතුමාමනේ කිව්වේ තැඹිලි පාටින් අද ඇඳගෙන එන්න කියලා” යැයි කීවේය. කමල් බෝගොඩ ඡායාරූප – සුජාතා ජයරත්න
99mobile